Skip to content

Lyrics

සිංහල
මා දිහා බලනවා ඒ නිල් නුවන් දිලෙනවා නිල්වන් ගැබේ දිස් වෙනා තරු මල් වගේ පේනවා රෑ පුරා හීනෙනුත් පේනවා මා තනි යහනේ දුටු හීන නෑ තනි වූයේ ඔබ ගාව ළඟ ඉන්න ඕනමයි හැමදාම ඔබ යන්න නම් එපා හැර මාව රෑ පුරා හීනෙනුත් පේනවා රුව ඔබේ සිත පුරා දිවෙනවා සරා සඳ නැගුනාවේ මට නම් නෑ නින්දක් තනි යහනේ නිශා යාමේ කිඳුරන් රැඟුවා සේ ළං වි සිත් දැන් නම් බැඳුනාවේ ආදරේ දැනෙනවා හද පත්ලේ මෝරනා පැතු මේ ආදරේ කලලයක් වී මා සිතේ තැවෙනවා දැවෙනවා රිදෙනවා මා තනි යහනේ දුටු හීන නෑ තනි වූයේ ඔබ ගාව ළඟ ඉන්න ඕනමයි හැමදාම ඔබ යන්න නම් එපා හැර මාව රෑ පුරා හීනෙනුත් පේනවා රුව ඔබේ සිත පුරා දිවෙනවා රෑ පුරා හීනෙනුත් පේනවා රුව ඔබේ සිත පුරා දිවෙනවා රෑ පුරා හීනෙනුත් පේනවා රෑ පුරා හීනෙනුත් පේනවා රුව ඔබේ සිත පුරා දිවෙනවා රෑ පුරා රුව ඔබේ

More by Daddy

View all songs by Daddy →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.