Skip to content

Lyrics

සිංහල
ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ පේර දොඩම් පැණි රඹුටන් හිඹුටු ඉදෙන්නේ ලේන ගිරව් රිලා පැටව් ඒව සොයන්නේ කුරුළු කොබෙයි කිචි බිචි ගා මුකුළු කරන්නේ සුරංගනා ලෝකෙද මේ පුංචි ළමයිනේ ඈත එහා මුහුදේ ඔරු පාරු ඇදෙන්නේ වැල්ල පුරා රැල්ල ගලා පෙල්ලු දිළෙන්නේ මාළු පැටව් කැරළි ගැසී පෙරළි කරන්නේ වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ වනන්තරේ අනන්ත වූ මල් පිබිදෙන්නේ හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ මල් සිඹලා සුවඳ උලා පාට දමන්නේ මොකද අනේ ඔවුන් අපට හාදු නොදන්නේ

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.