Skip to content

Lyrics

සිංහල
මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ... පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීනවූයේ මෑණී මගේ ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ.... ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා දුරලන්න වංචා මද මාන ඊර්ෂ්‍යා මේ වාගෙ මට ඈ අවවාද දුන්නා.... මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ.... මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ නංවලා ස්නේහේ රට දෑ කෙරහි රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ.... මා බාල කාලේ.../

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.