Skip to content

Lyrics

සිංහල
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ රන් තරු බැබලේ නිල් ආකාසේ ලස්සන මල් වාගේ කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා පහලට බැස යයි දිය ඇල්ලේ නාමල් පිපිලා නැලවෙති සුළඟේ සුවඳ හමා දසතේ සෝබන මේ නදියේ....සෝබන මේ නදියේ සඳරැස් පැතිරෙනේ.... ලෝ අඩ නින්දේ ... ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ දැන් දැන් මා හද නලවන්නේ මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ දසතම පැතිරෙන්නේ කවුරුද ඇල්හේනේ....කවුරුද ඇල්හේනේ ගී හඬ පතුරන්නේ.... ලෝ අඩ නින්දේ...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.