Skip to content

Lyrics

සිංහල
කිමද සුමිහිරියේ මේ අරුමේ මහද පිබිදෙන්නේ ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ... සෙවණැල්ල වගේ ඔබ එන විලසේ මට දැනේ නිතර රහසේ මුදු තොල් පොපියා කිසිවක් නොකියා ඇයි යන්නෙ පැන විගසේ හැම උදේම තනියම මෙසේ හැම උදේම තනියම මෙසේ ප්‍රිය ළඳේ ඔබව හමුවේ කල්පනාව පෙම්බර හිනාව පින්බර මගේ හිතට සුව දේ.... කිමද සුමිහිරියේ.../ කෙහෙරැල්ල වැටී නළලට සිරසේ සිහිලසේ බොළඳ මුහුණේ වන මල් පිපිලා බර වී නැමිලා ළං වෙන්න එයි මැණිකේ දුටුවාම හදවත ඔබේ දුටුවාම හදවත ඔබේ දුක නැසී සතුට ඇතිවේ ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද කියන්න සුරතලියේ..... කිමද සුමිහිරියේ...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.