Skip to content

Lyrics

සිංහල
ඉර දෙයියෝ හිමිදිරි පින්න සිඹිනවා කොවුලෝ අපටත් අවුරුද්ද ඇහෙනවා ගම්මැද්දේ ගී සද්දේ හඬ රබන් සුරල් හිනාවෙන්ට නැකැත් කියන්නේ තනි රැනේ ගිරවුන්නේ රහ බලන්නටත් පලක් වැලක් මටත් තියෙන්නේ එරබදු මල් යායේ සුවඳ හමන්නා රබන් පැලෙන කාලේ මෙන්න ඇවිල්ලා මල් වාරම් තාලේ ඈත ඇසෙන්නා මේ අවුරුද්ද ඇවිල්ලා....... නගරේ කූඩු වලත් කැවුම් ඉදෙනවා ගැමිකම තාමත් අපේ හිතේ තියෙනවා කජුවාරේ උඩ අත්තේ පුහුලමක් වගේ මගේ හිතත් පිරී තියෙන්නේ පන් පැදුරේ මල් මැද්දේ ඔය පංච කොළේ පුංචි ඉඩක් මටත් තියෙන්නේ එරබදු මල් යායේ....... කොවුලා වාගේ හඬගා ආලේ හිත අරගන්න හිතෙනවා අවුරුදු කාලේ දඟ වැඩ බෑනේ අතිරස වාගේ මිහිරියි ආලේ නැකැතට යමුද පියඹලා එරබදු මල් යායේ........

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.