Skip to content

Lyrics

සිංහල
සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී දෙතොල් ඔබගේ මදහසින් සැරසේ දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සිතින් විතරක් පෙම් කරන්නම්.... සසල වුනත් මගේ සිතුවිලි ඔබ ලඟ නිසල කරන් මම ඉන්නම් සෑම දින කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සිතින් විතරක්...... (මටද ඔබ හිමි නෑ.... )

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.