Skip to content

Lyrics

සිංහල
සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන සිංහල දෙරණේ සරණ සිංහල සරණේ.... මූදු වගේ වැව් බැදුණේ යෝධ විකුම් බල නැඟුණේ වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුණේ... ගල් මත බුදු රූ දිලුණේ මහ මෙත් සිසිලෙන් තෙමුණේ මහ බෝ හිස දළු සැළුණේ සදහම් පණිවිඩ ඇසුණේ... සිංහල ජය ගීත හඬට... රුදු රුපු තෙද ඔද සිදුණේ සුරවිරු රණ ගී ගැයුණේ මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැහුණේ... සිරි දළදා රැකවරණේ රන් වැළි මහ සෑ කිරණේ මරණින් මතු නව අරණේ යළි උපදිමි මේ දෙරණේ... සිංහල ජය ගීත හඬට...

More by Athula Somasiri

View all songs by Athula Somasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.