Skip to content

Lyrics

සිංහල
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙලී ජේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම් පවිටු මගේ සිත සේදී යන තුරු ඔබ පා නමදින්නම් තනි වෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔබ පසුපස එන්නම් දෑතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුනන්නම් ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්.... දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමී සැනසීමක් අයැදින්නට හිතහිත මල් දෝතක් පුදමි විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අත නොහරියි ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම් එක වරුවක් හෝ දවසකදී නිසසල මොහොතක හිමිදිරි උදයක ඔබ සිරුරේ උණුසුමේ වෙලී ජේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි ජේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මට මගේමමයි හැමදාමත් එහෙමයි ජේසුනි..... මට ඔබ විශ්වාසයි ඔබ මගේ ජීවිතයයි හැමදාමත් එහෙමයි

More by Anton Charles Thomas

View all songs by Anton Charles Thomas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.