Skip to content

Lyrics

සිංහල
රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී... සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත ගව්වක් දුර යන්ටත් ඇත දරුවකු සොයලා සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා... වැසි පොද පොඩි මුතු වගෙයි කෝටි හතක හතු වගෙයි මුතු කුඩයක හැඩ වගෙයි අහස පෙනෙන්නේ සුවඳ වහිනවා වගෙයි මිහිර බහිනවා වගෙයි ගඟක් හැදෙනවා වගෙයි සුවඳ ගලන්නේ... සීතත් ඇත ගීතත්... බෙත්ලෙහෙමේ පොඩි පුතා සිටියි අහුරකට ඔතා සිඟිති සිතුම් සිත සිතා ඇඟිලි උරන්නේ මවට ඇසින් කර කතා දරු හුරතල් පත පතා ඇඟිලි එකට ගොත ගොතා මැණික් ගරන්නේ... සීතත් ඇත ගීතත්...

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.