Skip to content

Lyrics

සිංහල
(සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී - සැළී සැළී යයි)... (මහ වන පියසෙක - අඳුරු ගුහාවෙක යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්)... හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ ඉරිසියාවෙන් පිරැවේ මා හද සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී - සැළී සැළී යයි (සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත)... එනමුදු ඊයේ මට පෙන්වූ රුව තව නෙත් දෙකකට හිමි විය යුතු නැත (සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි මා හද බිය වී - සැළී සැළී යයි)...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.