Skip to content

Lyrics

සිංහල
පොඩි කුමාරිහාමියේ එපා වලව්වට යන්න නියර පිට බලා ඉන්න පොඩි කුමාරිහාමියේ කාසි එපා නුඹ හිනාවෙවී ඔහෙ බලා ඉන්නවා නම්....... නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි නපුරු වලව්වක කෝමද කෝමළ කතා නුඹට ලැබුණේ වක්කඩ කැඩුවා සේ සිනාසෙන හිනා ගඟුල මැවුණේ නුඹෙ හිනා ගඟුල මැවුණේ...... පොඩි කුමාරිහාමියේ....... කඩා ගන්න බැරි වුණත් හරිම සුවඳයි නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට ආසයි නුඹට හොරා මාල හතක් බැඳ පෝරුව මත හිඳ නොයන් මේ ගම හැරදා නුඹ නොයන් මේ ගම හැරදා....... පොඩි කුමාරිහාමියේ.......

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.