Skip to content

Lyrics

සිංහල
පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ අපේම පාලු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ පෙම්බර මධු මගේ

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.