Skip to content

Lyrics

සිංහල
සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට අපේ මතු දියුණ සොයා හිතකින් නොව මා නැව් නැග යන්නේ සිත ඔබේ තුරුලේ තියා... ගතින් මෙතැන මම සිතින් ඔබගේ ලඟ කිසිදින වෙනස් නොවේ ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිණි කිරුළක් මෙලොවේ... සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ නැව ඇදිලා යනවා මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ ඔබ ගැන සිහිවෙනවා... ප්‍රිය සුහදාණෙනි මා සිර වූයේ දුක්බර බිම් ගෙයකයි ඔබේ රුව නෙපෙනී කට හඬ නොඇසී ගත සිත අවිවේකයි... වෙරළක දිළිසෙන විදුලිය රේඛා අතරින් එබෙනු දැනේ අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ... මටම ලැබෙන තෙක් සක්වල පාලන දෙවියන් රැක දේවා සසර සරන තුරු ඔබ මට නොනිමෙන රන් පහනක් වේවා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.