Skip to content

Lyrics

සිංහල
සුදු පුළුන් බෝලේ ඇයි කඳුළු පුරෝගෙන අඬන්න ඔට්ටුම නෑ ඔය රෝස පාට තොල් සත්තයි වෙන කාගෙවත් වෙන්න දෙන්නෑ (මෙච්චර ආදරේද කොච්චර කල් සිටද ඔච්චරටම මං හොඳයිද කියලා ඇත්තම කියනවද....... ) සුදු පුළුන් බෝලේ ඇයි කඳුළු පුරෝගෙන අඬන්න ඔට්ටුම නෑ ඔය රෝස පාට තොල් සත්තයි වෙන කාගෙවත් වෙන්න දෙන්නෑ........ කාවත් හොයාන පාරක් පුරාම මගේ ඇස් දුවන්නේ නෑ කාටත් හොරෙන්ම ඉඩ නෑ දෙන්නේ මගේ හිත අවසර නෑ ඩිංගක් ඉඳහිට දඟ වැඩ කෙරුවත් මගේ ලඟ හොර වැඩ නෑ සින්නකරටම අයිති කරන් ඔබ මංවත් දන්නෙම නෑ..... (මෙච්චර ආදරේද කොච්චර කල් සිටද ඔච්චරටම මං හොඳයිද කියලා ඇත්තම කියනවද....... ) සුදු පුළුන් බෝලේ....... බොරු ආලවන්තකම් නැති වුණාට මං ඒ ගැන හිතන්නේ නෑ ඉස්තරම් එක හිතක් තරම් වෙන දෙයක් මට නම් ඕනෙම නෑ හිත දුකෙන් බර කරන් මූණ රතු කරන් ඉන්න කල් නෑ මේ පාර නොවෙයි එන වාර වලත් අතඇරෙන්න දෙන්නෙම නෑ (මෙච්චර ආදරේද කොච්චර කල් සිටද ඔච්චරටම මං හොඳයිද කියලා ඇත්තම කියනවද....... ) සුදු පුළුන් බෝලේ.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.