Skip to content

Lyrics

සිංහල
නිහඬ පාලු හැන්දෑවේ හීන ගං තෙරේ පේවී එන්න ඇත්නම් සීතලේ කෝඩුකාර හීනයේ හදට බැඳි සෙනේ දෝරේ යන්න වාගෙයි හීසරේ (ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී අපට අප අහිමියි හිතවතී... ) කඳුළු ගැල් වූ නෙත් තීරේ හැඟුම් තෙරපිලා හදේ සුසුම් ඇහැරී රෑ පුරා බිඳුන හීන සිත් යායේ ශෝකේ පල කළා හීන පිරූ කාලේ සිහිවෙලා (ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී අපට අප අහිමියි හිතවතී... ) පාලු ගලන රෑ තිස්සේ මතකයට වෙලා කොතෙක් කල් සිටිම්දෝ වැලපිලා සිඳුනු හීන ඔය ළමැදේ සුළඟ අත එවා යන්න ඔබ ඉතින් ඔහු කරා... ඔය නෙතින් මග හැරී ඉන්න බෑ දුරට වී අපට අප අහිමියි මේ භවේ.... නිහඬ පාලු හැන්දෑවේ... අපට අප අහිමියි මේ භවේ අපට අප අහිමියි හිතවතී....

More by Uditha Anupama

View all songs by Uditha Anupama →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.