Skip to content

Lyrics

සිංහල
පිදුවත් මලින් දෙවියත් තිස්තුන් කෝටියක් දුටුවේම නෑ කිසිදා ඔබ වන් කෙනෙක් පිරූවත් පෙමින් වෙහෙසි සරසන හෙටක් දැනුනේම නෑ ගෙවිලා දිවියේ බොහෝ කලක්........ හංගා තියා පපුවේ සෙනෙහස පුදා වින්දේ මටත් හොරා දුකමයි සදා සංසාරයේ ජන්ම භවයන් පුරා ඉන්නට ලැබේවා මට ඔබේ පුතු වෙලා........ වරදක් වුණත් මාගේ නොතේරුම්කමින් තරහක් වුණේ නෑ ඔබ හැඬුවා හොරෙන් තේරුම් කළා හිස අතගා සනසමින් ඔබේ පුතු වූයේ සසරේ පෙර කළ පිනෙන්...... හංගා තියා........ දරදඬු හිතක් වාගේ දුක හංගමින් වෙනසක් කළේ නෑ ඔබ උන්නා ළඟින් සායම් කළා දිවියම හෙළු දහඩියෙන් මතු උපදින්න සසරේම දෙවියන් නමින්....... හංගා තබා.......

More by Suresh Wickramasooriya

View all songs by Suresh Wickramasooriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.