Skip to content

Lyrics

සිංහල
රන්මැලිසෑය විය දිවි අඹරට නැගෙන සුදොවුන් පියා විය සක්විති මග තනන සමනළ පව්ව විය දුක සැප සමව දරන පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන... අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ... බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.