Skip to content

Lyrics

සිංහල
ආ..ආ...ආ... රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ ආ..ආ...ආ... ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින් පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කළ ඒ පුතුන් තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ ආ..ආ...ආ... මව් කුසින් නොව දෙවි කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.