Skip to content

Lyrics

සිංහල
රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම් ඇතිවන තුරු මා රිදවා ඔබ සැනසෙන්න ඔහු අත ගෙන මා අසලින් දෑඟිලි බැඳ යා හැකි නම් හැමදාමත් මා රිදවා පියමැන යන්න නෙත් තෙමා තෙමා කඳුලු බිංදු කඩා හැලෙන විට සිහිවෙනවා මට පෙර අපගේ අතීතයන් මට හඬන්න ඉඩදීලම ඔබ හිනැහෙන්න නෙතින් කඳුලු බිමට හෙලා හැමදාටම මා තනි වෙන්නම් සිත තලා පෙලා හදට කැන්දු සෙනෙහෙ බිඳුනු විට උහුලන්නට බැහැ මට මේ දුක කොහොමටවත් මට කියන්න වෙන කවුරුත් නෑ පෙර සේම සිතින් ඔබව මගෙම වෙලා කවදාවත් බෑ වෙන්වන්න රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම් ඇතිවන තුරු මා රිදවා ඔබ සැනසෙන්න ඔහු අත ගෙන මා අසලින් දෑඟිලි බැඳ යා හැකි නම් (හැමදාමත් මා රිදවා පියමැන යන්න... )

More by Sujith Wadanambi

View all songs by Sujith Wadanambi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.