Skip to content

Lyrics

සිංහල
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණී අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණී එවන් අතීතය හිමිකර දෙන්නේ කදුළු බිඳක් පමණී බාධක අවහිර දුටුදා ආදර මන්දිර සිඳ බිඳදා පැතුම් ඉසුරු පොදි සිත්හි දරාගෙන මතකද සමුගත්තා බාධක අවහිර දුටුදා ආදර මන්දිර සිඳ බිඳදා ඉකි බිඳිනා දෙහදක් පෙරදා මතකයි සමුගත්තා ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණී අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින් නන්නාඳුනනා දෙදෙනෙකු විලසින් ඉන්නට හැකිද ඉතින් දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින් අප පිලිබඳ සිත සෙනෙහස රන්දා වෙන්වී යමු සැනෙකින් ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණී අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමණී ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණී එවන් අතීතය හිමිකර දෙන්නේ කදුළු බිඳක් පමණී

More by Shirly Waijayantha

View all songs by Shirly Waijayantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.