Skip to content

Lyrics

සිංහල
සිහිනේ සේයා මා සිතේ මවා මතකයි එදා මට ළං වුණා දුටු දා ඔබේ පෙම් සිනා මා එදා හදවත පැතුවේ ඔයා පායා සිනා දෑසේ මවා නුඹ රත්තරනේ මට ළං වෙලා සැමදා ඉගිලා නොයන් මා හැර දමා මට තනිවෙන්න බෑ පාළුවේ....... හැරයන්නේ නෑ ඔබගෙන් මිදී හදවත රිදෙයි ගින්නේ දැවී දැවී හඬවන්නේ නෑ රිදවන්නේ නෑ හුස්මක් දුරින් මට ඉන්න බෑ තුරුලට අරන් සිඹිමි තොල්පෙති නුඹේ ආදරේ නාමෙන් මගේ පායා සිනා දෑසේ මවා නුඹ රත්තරනේ මට ළං වෙලා සැමදා ඉගිලා නොයන් මා හැර දමා මට තනිවෙන්න බෑ පාළුවේ....... අතැඟිලි ඔබේ අතරේ රැඳි පියනගමු ආදරේ මාවතේ කම්මුල් ඔබේ සිපගම් සඳේ දඟකාරියේ නුඹේ ජීවිතේ සිහිනෙන් පවා රැඳුණු ඔබ මගේ හිතේ වෙන් වෙන්න එපා මගේ ආදරියේ පායා සිනා දෑසේ මවා නුඹ රත්තරනේ මට ළං වෙලා සැමදා ඉගිලා නොයන් මා හැර දමා මට තනිවෙන්න බෑ පාළුවේ.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.