Skip to content

Lyrics

සිංහල
සංසාර ගානේ නෙත් යුගල වාගේ රැකගන්න ඕනේ මට ඔයා නිස්සාර නෑනේ ඔබ දුන්න සෙනෙහේ රත්තරං වාගේ හැඟෙනවා ආකහේ තරු පරදාලා දෙව්ලියක් විලසින් දැකලා ජීවිතේ තේරුම් කළා පෙම්බර හෙවණට මාගේ මනමාලිය කරගන්නේ අමනාප නැත්නම් ඔබ මෙමා මල් සිහිනෙට නුඹ ආවේ කෝ අවසර අරගෙන නෑනේ ලැජ්ජා හිතේවි හිත පුරා අවසරේ දුන්නේ ඇස් තමා... අතපාන මානේ ඉන්නමයි ඕනේ ආදරේ ඉතිරි යනතුරා කවුරුන්ද මැව්වේ දෙවියන්ද නොදැනේ පැතුව හිමිකාරි හමුවුණා දෛවයේ පිටුවක් පුරවා ලියවිලා තිබුණද මන්දා මා ඔබේ විතරයි කියා පෙම්බර හෙවණට මාගේ මනමාලිය කරගන්නේ අමනාප නැත්නම් ඔබ මෙමා මල් සිහිනෙට නුඹ ආවේ කෝ අවසර අරගෙන නෑනේ ලැජ්ජා හිතේවි හිත පුරා අවසරේ දුන්නේ ඇස් තමා... සංසාර ගානේ.....

More by Shanudrie Priyasad

View all songs by Shanudrie Priyasad →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.