Skip to content

Lyrics

සිංහල
වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ බුදු හිමි දෙසු දම් අමා ගඟේ පිහිනමු පිහිනමු නිවන් සැදේ යහගුණ වඩනා ගමනක යෙදෙනා සදහම් ගුණ ගී මුව මුව මුමුනා නැතිබැරි මිනිසුන් වෙත මෙත පාමින් හිරු සඳු අතරේ හිනැහෙමු සාමෙන් සෙනෙහස දල්වා නැණ මල් පුබුදා හසරැලි නංවා ලංකා දීපේ සාමය සමගිය පිරිපුන් හදවත් සදා රකිමු අපි සදහම් දීපේ වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ බුදු හිමි දෙසු දම් අමා ගඟේ (පිහිනමු පිහිනමු නිවන් සැදේ)..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.