Skip to content

Lyrics

සිංහල
ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා ජයපැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... රස කර මම පවසන්නෙමි මිණි කිංකිණි සොලවලා අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටුවෙලා මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (පරයන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට වසඟ නොවන් මෙහි කවුරුද නෑනගෙ එක බැල්මට... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (පොත් ටික තුරුලට අරන් මුව මදහස රැලි පෙරන් පාසල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (මැල්ලුමකට වෙල් පළා නෙලන්න සිහිනිඟ සලා යන විට රණ මොණරි වගේ මගෙ හද කුල්මත් කළා... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (අඩසඳ වන් නළලතේ චන්දන තිළකය ඇතේ රිකිපිල වැනි කෙස් කළඹට කිතුල් රෑන පැරදෙතේ... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (නැහැඹුල් හද කිති කැවී නව රසදුන් සරසවී මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මධු මාධවී... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (මුහුදෙහි රළ පෙල ගැසී ගමන සදිසි යන ලැසී ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසියි.... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ කිරි පැණියි වගේ ඉන්න එනවද මගේ වස්තුවේ.... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ ගල් පර දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ.... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (හසරැලි නැත්තම් මුහුණේ සිතුවිලි ලස්සන නෑහැනේ වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ.... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට.... (ගන්නෙද ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක් හදමුද අපි කූඩුවක් වෙමුද පරවි ජෝඩුවක්.... ) මම කැමතී නෑනට නෑනා කැමති නෑ මට....

More by Sahan Jayashantha

View all songs by Sahan Jayashantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.