Skip to content

Lyrics

සිංහල
ඉඳිඅප්පන් කඩේ දොර ඇරපන් නගේ නුඹේ හිතත් හුලඟට යන ඉඳිඅප්පන් වගේ මොකක්ද මේ වදේ මට බහ දීපන් නගේ නුඹේ ගැනම හිතල ඔලුව කොත්තු රොටිය වගේ ත්‍රීවීලර් පාර්ක් එකට හඳ පායන වෙලේ ආමර් වීදියට උඩින් නුඹේ මූන පෙනේ ඔයිල් නැතිව නුඹ පස්සෙම දුවලා හැම වෙලේ (බොයිල් වෙලා එන්ජිම මග නතර වෙයිද නගේ)... පිඟානෙ අන්තිමට ඉතිරි කරපිංචා කොළේ හිතුනා කවියක් ලියන්න නුඹව දැක්ක වෙලේ කිරි හොද්දයි සම්බෝලෙයි අපි දෙන්නා වගේ (එකතු වුනොත් කවදා හරි රම්පෙට පොරි හැලේ)... (ඉඳිඅප්පන් කඩේ දොර ඇරපන් නගේ නුඹේ හිතත් හුලඟට යන ඉඳිඅප්පන් වගේ මොකක්ද මේ වදේ මට බහ දීපන් නගේ නුඹේ ගැනම හිතල ඔලුව කොත්තු රොටිය වගේ)...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.