Skip to content

Lyrics

සිංහල
මංගල නැකතින් කුල ගෙදරට යන දියණියනේ පති කුලයට අද පියවර මනින නැගණියනි ඔහුගේ අතගෙන දීගෙක යන මා යෙහෙළියනේ මේ සුබ මොහොතේ ආසිරි ගී මල් ඔබට සැලේ... ආලෝකය ඔබ වේවා දියණිය යන නිවසේ ප්‍රභාව වේවා නැගණි ඔබ පතිකුල පියසේ යෙහෙළිය ඔබමයි දීපය වන්නේ සිරි විමනේ පහනින් පහනක් දල්වන ජය පහන් වැටක් වේ මංගල නැකතින්... පළමුව මිතුරි වේවා ඔහුගේ ළඟ සිටිනා සොයුරිය වේවා සිරි නිවසේ දුක සැප විඳිනා අම්මා ලෙස ඔබ නිවසට සිරිකත කැඳවනවා කුලගෙයි දිදුලන හිරු සඳු ලෙස ඔබ වැජඹේවා... මංගල නැකතින්...

More by Priyanka Rammandala

View all songs by Priyanka Rammandala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.