Skip to content

Lyrics

සිංහල
කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි වනපෙත ඒකාලෝක කෙරේ මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ දෙපය දොවා පිණි දිය දෝරේ ගිය බිරිඳක වූ දා නේද අගේ මා හිස සිඹ දොඩනා කතන්දර රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ කවදා තනිවන්නේ කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.