Skip to content

Lyrics

සිංහල
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැන සිරිකත මෙන් මගෙ පැළ තුළ රැ‍ඳෙන්න පියබඳ සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ... දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ හිරිහැර මැද කඳුළ සුසුම ඇතිවිය හැක ලොවේ ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ පැමිණෙන දුක සැප එකලෙස විඳගමි ජීවිතේ නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.