Skip to content

Lyrics

සිංහල
(පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා මං අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා).. ලං උනාම කපුරුහාමි ළඟ ගඳ එනවා පව් සේතුහාමි කන්න නැතුව අගුවෙ ලගිනවා බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා තම මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා..... පිං මාලු වලේ.... ජයපාල උනත් යන හැම තරගෙම පරදිනවා හැමදාම සාමවතී ගෙදර සණ්ඩු කරනවා කිසි දවසක දැක නෑ සිරියාවති හිනැහෙනවා මම දැක්කෙමි ජිවත්හාමිත් පරලොව යනවා...... පිං මාලු වලේ.... පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා (මං අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා....... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.