Skip to content

Lyrics

සිංහල
වියෝගයක පෙර නිමිති දැනේ අභිනික්මන ලං ලංව පෙනේ වියෝගයක පෙර නිමිති දැනේ ගිලිහී මධු බිඳු රැඳුණු පෙම් වදන් කෙටි වී කවියෙන් රචිත පෙම් හසුන් හෝරා දින සති බවට පෙරළමින් අඩුවී යයි මුණගැසෙන දින ගණන් වියෝගයක පෙර නිමිති දැනේ අභිනික්මන ලං ලංව පෙනේ වියෝගයක පෙර නිමිති දැනේ නැවතී උතුරා ගැලු රසකතා පිලීසඳරේදී වැඩෙයි නිහඬනා දෙදරා පෙරදා පැවති සබඳතා මොහොතක් පාසා බිඳෙයි සුහදතා වියෝගයක පෙර නිමිති දැනේ අභිනික්මන ලං ලංව පෙනේ වියෝගයක පෙර නිමිති දැනේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.