Skip to content

Lyrics

සිංහල
උක්දඬු කොතරම් තිබුණත් හිඟුරානේ කවුදෝ උක්දඬු දුනනක් මානන්නේ මල්සර දූවරු පිච්චෙයි අව්ගින්නේ මල්සර හැංගී වාගෙයි උක් ගොන්නේ උක්දඬු කොතරම් තිබුනත් හිඟුරානේ... උක්ගස් වල කොළ වලට කැපී සිරුර රිදී දනවා අයියෝ ඉඳි කොළ තොප්පිය යටට එබී මූණ හපනවා ඉරු දෙයියෝ... උක්දඬු කොතරම්... දෙපතුල් ඇවිලෙන ගිනි ජාලා ඉරමුදුනේ බුර බුරා නටයි සොච්චමකට ඇඟ ලේ දන් දී උක් යායට යෞවනය දිරයි... උක්දඬු කොතරම්...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.