Skip to content

Lyrics

සිංහල
සුළඟට සැලෙනා පළගැටි කුරුමිණි මෙරු හැපෙනා ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා මා වට මද එළියේ පළඟැටි සේනා සැණකෙලියේ මිහිර බිදේදෝ සිරුර සිදේදෝ මා කෙලෙසී යාදෝ ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා මා වත රුව ඇදී අනඟ රැඟුම් පා තරඟ වැදී හදවත කලඹා ගත සිත පොළමා නිසසල දැහැන බිඳී ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ පණ නල ගනිති සොරා ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.