Skip to content

Lyrics

සිංහල
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ ලේලිය කැටුව මගෙ පුතු වෙන්විය රහසේ මං විතරයි තනියම දැන් මගෙ නිවසේ උමලගෙ තාත්තා ඇත දුර බලාගෙන කවදා දූ - පුතු ඒ දැයි පතාගෙන වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන මං ඉන්නවා නෙතු කඩුළැල් දරාගෙන දරුවන් ඇඳුම් ඇගළුම් ගෙන සිඹින්නෙමී මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමී ලේ කිරි කර පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.