Skip to content

Lyrics

සිංහල
ගම් පට පට වැඩි සද්දේ සිංහල අවුරුද්දේ දොම් පට වැඩි සද්දේ සිංහල අවුරුද්දේ....... (සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා.... ) (හෙළයේ අගේ කියා සාමේ සුවේ සොයා..... ) අවුරුදු එනවා කිරි ඉතිරෙනවා හේ.... අවුරුදු එනවා කිරි ඉතිරෙනවා සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා.... මංගල නැකතේ කිරිබත් කාලා පින්බර මොහොතේ හිසතෙල් ගාලා මංගල්ලේ... මංගල නැකතේ කිරිබත් කාලා පින්බර මොහොතේ හිසතෙල් ගාලා ඔන්චිලි පදිමු වාරම් කියමු හේ.... ඔන්චිලි පදිමු වාරම් කියමු සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා.... (තෙල් මල් ගන්නේ පන්සල් යන්නේ සැදැහැ තියන්නේ බුදුන් වඳින්නේ..... ) (පින් කරගනිමු ආසිරි පතමු..... ) සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා.... රබන් ගසන්නේ වරන් බොලන්නේ කුඩා ළමුන්ගේ රැඟුම් පෙනෙන්නේ හෙළ හෙළ අවුරුද්දේ..... රබන් ගසන්නේ වරන් බොලන්නේ කුඩා ළමුන්ගේ රැඟුම් පෙනෙන්නේ (බුලතින් පුදමු දෙගුරුන් වඳිමු.... ) සිංහල අවුරුදු.......

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.