Skip to content

Lyrics

සිංහල
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා කැලේ පැන්න මං වගේම බාල සන්දියේ දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ අඹ දඔ නාරං ගස් යට කජු පුහුලන් මොර ගස් යට අප වගේම ලුණු පනින්න කැට පොල විදලා පුංචි පුතා එන්න කලින් උන් හිටිතැන් නැතිවුනදා ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා කැලේ පැන්න මං වගේම බාල සන්දියේ දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ ඇළේ වතුර නිල් කැටේට දණ්ඩි කොරලි යන වටේට කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා පුංචි පුතා එන්න කලින් කළු දිය දහරා හැළිලා ඇළට පාර අමතක වී මං මුලා වෙලා පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ ගිය තැනකින් වරෙල්ලා - පුංචි පුතා ඇවිල්ලා කැලේ පැන්න මං වගේම බාල සන්දියේ දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.