Skip to content

Lyrics

සිංහල
ඔබ මා ළඟින් නැතත් අපි හමු වුණේ නැතත් මගේ මතකයේ ඔයා ඉන්නවා පෙර ලෙසින් අමනාපකම් බිඳක් කිසිදාක නෑ මගෙත් හිත දන්නවා ඔයා යළි එන්නේ නෑ කියා සොයා ඉරණම අපේ උරුමය වෙලා මට ඔබව දැන් හිමි නැති වුණා මට මෙහෙම ළං වුයේ වෙන් වෙන්න නම් දුක ඔහොම මට දුන්නේ හිතකින්ද දැන් මතුදාක වැටහේවි ආදරේ තරම් දුක් වේවි ඔබ එදින මගේ හිත තරම්........ කී කතා එදා අද සිහිනයක් වෙලා මා බදා ඔයා උණුහුමට ගුලි වුණා හිනාවෙලා ඉන්න දිවි ඇති තුරා ඒ ටිකම හොඳටම ඇති ඔබ ගැනම හිතනා හැටි මට මෙහෙම ළං වුයේ වෙන් වෙන්න නම් දුක ඔහොම මට දුන්නේ හිතකින්ද දැන් මතුදාක වැටහේවි ආදරේ තරම් දුක් වේවි ඔබ එදින මගේ හිත තරම්........ ඔබ මා ළඟින්........

More by Manjula Wickramaarachchi

View all songs by Manjula Wickramaarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.