Skip to content

Lyrics

සිංහල
බිස්නස් නම් දැන් පාඩුයි සල්ලි නෑනේ මලේ ගෙදර නෝනා හැම තිස්සෙම මටම ගෝරි දමයි ඉක්මනටම සල්ලි හොයන මගක් පහළ උනේ පොඩි සිංදු ටිකක් හදලා මචං උකස් කරමු කඩේ ඔය රේඩියෝවේ හැම තිස්සෙම අඬන කොල්ලෝ වගේ පොඩි සින්දු කෑලි කියලා මචං ගොඩ යමු අපි මලේ පොඩි සින්දු කෑලි කියලා මචං ගොඩ යමු අපි මලේ හින්දි සින්දු, ප්‍රංශ සින්දු හින්දි සින්දු, ආ..හා.. ප්‍රංශ සින්දු (ඔය හින්දි සින්දු, ප්‍රංශ සින්දු මොළේ කචල් කලේ දැන් කවුරුත් අහන්නේ නෑ නැළවිලි ගී පුතේ)... හරි පරිස්සමෙන් ස්වරේ හොඳට ගලපාගෙන අනේ රිගින් ටොන් එකට සින්දු දාමුකෝ අපි හොඳේ ඔය රිගින් ටොන් එකට සින්දු දාමුකෝ අපි හොඳේ රූප පෙට්ටි, ගවුම් කොටට රූප පෙට්ටි, ආ..හා.. ගවුම් කොටට ඔය රූප පෙට්ටියට දැම්මොත් වැඩේ නැගල යතේ ඒකට නං ගවුම කොටට ඇඳපු කෙල්ලෝ ඇතේ රූප පෙට්ටියට දැම්මොත් වැඩේ නැගල යතේ ඒකට නං ගවුම කොටට ඇඳපු කෙල්ලෝ ඇතේ ඔය සල්ලි ටිකක් විසිකෙරුවොත් හොඳම තරුව වෙතේ හොඳ සිංදු කොහෙද කොත්තු තැටියේ සද්දේ වගේ ඇතේ හොඳ සිංදු කොහෙද කොත්තු තැටියේ සද්දේ වගේ අනේ බිස්නස් නම් දැන් පාඩුයි සල්ලි නෑනේ මලේ ගෙදර නෝනා හැම තිස්සෙම මටම ගෝරි දමයි ඉක්මනටම සල්ලි හොයන මගක් පහළ උනේ පොඩි සිංදු ටිකක් හදලා මචං උකස් කරමු කඩේ ඔය රේඩියෝවේ හැම තිස්සෙම අඬන කොල්ලෝ වගේ (පොඩි සින්දු කෑලි කියලා මචං ගොඩ යමු අපි මලේ)... (සිංදු කඩේ මගෙ බාලම සින්දුව ලාබෙට විකුණනවා කාට කාට හරි මඩක් ගහලා හරි සින්දුව හිට් වෙනවා)...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.