Skip to content

Lyrics

සිංහල
ආදරයේ සැමරුම් පොද සුලගට හසු වි ගියා කදුලු බින්දු මගෙ දෙනෙතෙ නොවැටි වියලි ගියා මටම මාව නැති සසරේ තනිය මාව තනි කලා මගෙ මැණික මට නැතිවම බැරි බව දැන් මට දැනුනා.... සංසාර ගමනේ අපි බැදුනේ ස්නෙහයෙන් හිතාගන්න බැහැනේ මට ඔබ දුරස් වි ගිහින් සදාතනික ප්‍රේමේ වැලලුනා මුවාවෙන් හැර යන්න බැහැනෙ කොහොමද මගේ රත්තරන්.... එදා දුටුව මල් හසරැලි අද කොහෙදො සැග වුනේ කියන්න මගෙ රත්තරනේ කොතනද මට වැරදුනේ දමා යන්න නුබේ හිතටත් කවුරුද වදයක් වුනේ මොහොතක් හිත හදාගන්න මට ඉඩ දෙනවද පන මගේ මටම මාව නැති සසරේ තනිය මාව තනි කලා මගෙ මැණික මට නැතිවම බැරි බව දන් මට දැනුනා.... සංසාර ගමනේ අපි බැදුනේ ස්නෙහයෙන්… අතිතයේ සොදුරු බවයි මතකයනම් අද ඇත්තේ ඉඩ දෙනු ඉරනම එය නම් එකයි තව අද ඇත්තේ සිරකුටියෙන් පලා යන්න ඉඩ නැහැ නම් අද මට ඇත්තේ ජිවිතයෙන පලා යන්නෙ නැහැ ආදරයක් සිතෙ දරා මටම මාව නැති සසරේ තනිය මාව තනි කලා මගෙ මැණික මට නැතිවම බැරි බව දැන් මට දැනුනා.... ආදරයේ සැමරුම් පොද සුලගට හසු වි ගියා…

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.