Skip to content

Lyrics

සිංහල
සෙනෙහසේ සොඳුරු බව අමුණා හද ගැහෙන රිද්මයට ගලපා හෙමි හෙමින් සවනත කොඳුරා රහසින් කිවේ හසරැල් යාය මතින් මැවෙනා පැතුම් පිනි සිහිලසින් දොවන හැඟුම් දහරින් දිලී දිලෙන තුන් හිත සනහා... නෙතු නොනිදන මොහොතක විමසයි හද පවසන රහසට හිතවති තව ලං කරගන්නට සිතුණි මට නම් ඔය දෑතින් අල්ලා පැතුමන් මතින් සුසුම් පිසදා හැඟුමන් පෙළින් පෙළට අමුණා පෙරුමන් එළිය කරලා සඳ සේ පායා... ළඟම දැවටෙන්න උණුහුමේ බලා හිඳ ඇස් දල්වා හිතක් මත පිපුණු සැනසුමේ පියුම් පොද සේම පෙම් හීන නෙත් යුගෙන් දකින බොඳ වෙන්න පෙර සිතේ සඟවා මතකයෙහි එහි පාට තවරා සිත්තම් කරවා... සෙනෙහසේ සොඳුරු...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.