Skip to content

Lyrics

සිංහල
සේද මාවත හැන්දෑවේ මතක මංපෙත ගංතීරේ කිසිදිනේ නොසිතූ ලෙසේ හමුවුනා තුරුණු විය අප සිත් යායේ රහසෙ බැඳි පෙම තුන් යාමේ හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා ඔබේ හද මා සුව වින්දේ ඔබේ රුව මා ලඟ රැඳුනේ කුමරියයි ඔබ විජිතයේ සෑමදා මුළු ලෝකයම මා පසෙකලා සොයා එන්නෙමි ඔබ පතා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩ වෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුළු ලොවම අද සැරසිලා සුලඟේ හමනා සුවඳක් ලෙසිනා මා ඔබ තුරුලේ වෙලුනා සුවඳින් නැහැවුනු පියුමක් සේමා විකසිත වී සිත බැඳුනා නෙතු දකින තුරා මග බලන නියා ඔබ මා වෙතටම පිය මැන්නා සිඹින තුරා ලඟ රැඳෙන තුරා මා ඔබේ වීලා සැනසෙන්නා රෑ අහසේ මුදු පහසේ...... සේද මාවත හැන්දෑවේ...... මුළු ලෝකයම මා පසෙකලා සොයා එන්නෙමි ඔබ පතා රෑ අහසේ මුදු පහසේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.