Skip to content

Lyrics

සිංහල
තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑත නීල වලා යාය සිසාරා සඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවි පාළු රැයේ මා තනිවෙලා ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා පාළු මගේ පැල සරසා මෑත ඇදීලා සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා දෑස ඇගේ මා කලඹයි සීත දැනීලා තරු රෑන රිදී .... මා තනිවූ තනි පැදුරේ අඳුර නිවාලා දෑස මුදා නිදි දැහැනින් හැඟුම් දවාලා මා නොපෙලා තවම දිලේ කැළුම් නිවාලා බාල සඳේ මා හැරයන් ඈත බලාලා තරු රෑන රිදී ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.