Skip to content

Lyrics

සිංහල
සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන් අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ... තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා... පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ... අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා... පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ... හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ...

More by Gemunu Wijesuriya

View all songs by Gemunu Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.