Skip to content

Lyrics

සිංහල
මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබේම තමා නුඹ දන් නෑ කිසිදා ඔබ මගේ මුළු ලොවම කියා පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා ඉන්න තැනක ඔයා සුවෙන් හිඳිනු සදා සසර ගමනේදී මා පැතුවේ ඔබම තමා... පෙර වගේ මුණ ගැසූ සේ හමුවන්න බෑනේ ළංවීලා මේ භවේ අපි විදි සෙනේ මතු ලොවක විඳිමු එක්වීලා අපි අපේ නොවුනත් ප්රිවයේ මට ඉන්න දෙන්න තහනම් සිතේ පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා... පෙම් කරේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නේ කඳුලින් මේ හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනේ සතුටින්නේ මට ඔබේ තුරුලේ ප්‍රියේ මියැදෙන්න එන්න අවසන් පැයේ පණ මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද මගේ මතකයේ දිලෙනවා ඔය රුව ඇදිලා... මගේ ඇස් පියෙන තුරා...

More by Gayan Arosha

View all songs by Gayan Arosha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.