Skip to content

Lyrics

සිංහල
වහිනවා නම් තදින් මහ වැසි එවිට නොපෙනෙයි මගේ කඳුලැලි ඇති තරම් නිවෙනකල් දුක් ගිනි මට හඬන්නට හැකි තෙමි තෙමී කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ (ඉතිහාසගත ප්‍රේමයක් වෙමු අපි මතු භවේදිවත් ආදරෙන් මුණ ගැහිී.... ) හැමතිස්සේ හිත අස්සේ හුරතල් වෙනා ඒ මතකේ ඇස් අස්සේ කඳුලක් වෙලා දින ගැන්නේ ඔබේ හුස්මේ අයිතිකාරයා වී තුරුලේ හෙට දවසේ මියැදෙන්නයි මා කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ (ඉතිහාසගත ප්‍රේමයක් වෙමු අපි මතු භවේදිවත් ආදරෙන් මුණ ගැහිී.... ) හැම භවයේ උපදින්නේ ඔබ නමින් කියා මා තුරුලේ ඔබ උන්නේ හීන මව මවා අද ඔහුගේ නිදියහනේ කඳුළු හංගලා සැතපෙන්නේ ඔබ දුකසේ මං දන්නවා කාගේ ශාපයක්ද මේ ඔබ මගෙන් වෙන් කළේ හුස්මටත් වැඩිය මා පෙම් කෙරූ..... වහිනවා නම්......

More by Eshan Udesha

View all songs by Eshan Udesha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.