Skip to content

Lyrics

සිංහල
පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද.. පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද.. හොඳ හිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද.. පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ.. හොර රහසින්ම එක සුවඳක් පැතු පමිනේ නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ... පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට (ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට)...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.