Skip to content

Lyrics

සිංහල
පින්බිමේ මුතු ඇටයට කිම උනේ යාමගේ කොතැනද අඩුවක් දැනේ නේක ජාති නේක වර්ණ වර්ග බිහි වෙලා මුතු ඇටයේ දිස්නය දැන් අඩුවී යනවා පින්බිමේ මුතු ඇටයට කිම උනේ යාමගේ කොතැනද අඩුවක් දැනේ ජාති ජාති බෙදිලා වර්ග වර්ග බිඳිලා හැකි හැකි ඈයෝ වාසි ගන්නවා පාට පාට බෙදිලා එකමුතු බව නැසිලා වාසිය ඇත්නම් කාසිය ඇත්නම් හදවත කුමදට අවුල් හොඳටම කනවා යුක්තිය කෝ දූපතේ යන්නේ ඇයි හිතුමතේ පින්බිමේ මුතු ඇටයට කිම උනේ යාමගේ කොතැනද අඩුවක් දැනේ හීන හීන මවලා ජාති ජාති කියලා හැකි හැකි ඈයෝ වාසි ගන්නවා පාඩු පාඩු ලබලා අතමිට නිසරු වෙලා වාසිය ඇත්නම්.. වාසිය ඇත්නම් හදවත කුමටද කවුරුත් හොඳටම කනවා සතුටක් කෝ දූපතේ යන්නේ ඇයි හිතුමතේ පින්බිමේ මුතු ඇටයට කිම උනේ යාමගේ කොතැනද අඩුවක් දැනේ නේක ජාති නේක වර්ණ වර්ග බිහි වෙලා මුතු ඇටයේ දිස්නය දැන් අඩුවී යනවා පින්බිමේ මුතු ඇටයට කිම උනේ යාමගේ කොතැනද අඩුවක් දැනේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.