Skip to content

Lyrics

සිංහල
ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට කාරණා නෑ කිසිදු ඉන්න නුඹ ළඟ සෑමදේම අන්තිමේදි වැරදිකරු මම ඒ තමයි ආදරෙන් නුඹ දුන්නු තිළිණය (ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින්... ) හඬලා පලක් නැති විඳලා පලක් නැති හිතලා පලක් ඇති වැරදිච්ච තැන් ඇති සිදුවෙච්ච හැම දෙයක් පාඩමක් කරගෙන කාලයත් අරගෙන නැගිටින්නෙමි මම ඉක්මනින් හිත හදන්.... ඇද හැලෙද්දී වැසි දොස් නගපු ලෝකය ගුණ දම් කියා තැවෙයි නැතිවෙද්දී මහා වැසි ඒ වාගේ මගේ සෙනේ දුර යද්දි නුඹ කෙරේ නුඹටත් දැනේ ලඳේ වටිනකම මගේ පෙමේ ඉක්මනින් හිත හදන්.... අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට.... ඉක්මනින් හිත හදන්....

More by Denuwan Kaushaka

View all songs by Denuwan Kaushaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.