Skip to content

Lyrics

සිංහල
ඔබ සතුටුයි නම් මා විඳවන්නම් දුකසේ සිතේ දරන් පෙර වගේම නම් ඔබ මගේම නම් ගෙන දුන්නේ ඇයි රිදවුම් සූසැට මායම් පෙර දන්නවනම් රැවටෙන්නේ නෑ මා නම් ඔබ යනවා නම් මා ඉඩදෙන්නම් ඇයි යන්නේ කියනවා නම් කලකට රසය කලකදී වසය මේ ලොව පවතින මතය බොරුකළ යුතුය කීවේ ඔබය ඔබටම එය අමතකය උණුසුම් ඇගය අද අන්සතුය මට වාවනු බැරි දුකය මා හොද මිසක නෑ කර නරක.. ඇයි ඔබ ඔච්චර නරක ඔබ සතුටුයි නම්.../ පෙර බොළඳ වදන් ඇති තරම් ඕන තරම් මට සිහි කර කඳුළු සලන්න මේ කවට කමක් නොව මා පවක් ඔබ ඔබටම කර ගන්න ඔබ ඔබෙ කියා පතනා ලෝකේ රැජිණිය වී වැජබෙන්න මට මගේ කියා නෑ කිසිම දෙයක් මින් මතුවට රැක ගන්න ඔබ සතුටුයි නම්.../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.