Skip to content

Lyrics

සිංහල
සිහිනේ.... සිහිනෙන් ඇවිදින් ඔබ මා දෑසේ රැඳුනා රහසින් පෑ ඉඟි පහසින් මා හද මත් වුණා සිතුවම් බොඳ වී මහදේ තනි වී අද මා මෙසේ එනමුත් දුක නෑ දැනුනේ මා හැර ගියා කියා....... නිල් දෑස තෙමුණාද උණු කඳුළකින් හිරවුණු සුසුම් දැවටෙමින් ඉකි බිඳිනා රෑ තුන්යම ගෙවුණා නුඹ නැතිව මා තනිකමින් (ළංවෙන්න ඒ සිහිනේ රැඳි උණුහුම් වෙවී තුරුලේ වෙලී....... ) සංසාරේ ආයෙමත් ඉපදෙමින් දුක දුන්නු ඔය ඇස් යළිත් එතරම් කඳුළැල් කොහේ තිබුණාදෝ හඬවන්න මා මේතරම් මා දුන් සෙනෙහේ යළි ආයෙමත් පුද දෙනු කෙසේ මුළු හදවතින් නෑ වැටහුණේ ඔබ හට ළඳේ මා දුන් සෙනෙහේ කවදාකවත්........ සිහිනේ.........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.